Spiny Dogfish Shark



SPINY DOGFISH
Squalus acanthias
සාමාන්‍යය තොරතුරු  General decription
මොවුන් සදු පුල්ලි සහිත තද අළු පැහැති වන අතර උදරීය පෙදෙස සුදු පැහැයක් ගන්නා කුඩා මෝරුන් වර්ගයක් වේ.පෘෂ්ඨීය වරල් 2 ක් ඇති අතර සෑම එකකම තරමක් විශ සහිත කටු ඇත.කෙටි හොම්බක් සහ විශාල ඇස් ඇති අතර ගුද වරලක් නැත. අවුරුදු 25 -100 දක්වා ආයු කාලයක් ඇත.මොවුන් ඉතා බහුල මෝරුන් වර්ගයකි.මෙම කුඩා piked dogfish, skittledog, spotted dogfish,white-spotted dogfish, cod shark සහ  throndog ලෙසද හැඳින්වේ.මොවුන්ගේ පෘෂ්ඨීය වරල් ව්ෂ සහිත කටුමය ස්භාවයක් ගන.අන් සියළු මෝර විශේෂ වලට වඩා අධ්‍යයනයට ලක් වූ මෝර විශේෂයක් වන අතර පරීක්ෂණාගාර වල අධ්‍යයනයන් සඳහා මෙම Spiny Dogfish වර්ගය බහුල ලෙස යොදාගනී.Spiny Dogfish යන මෝරුන් ආහාර ල පෙහොර,හම් ,සුර තල් සතුන්ගේ ආහාර හා අක්මා තෙල් ලබාගැනීමට යොදා ගනී.

දත් Teeth
කුඩා දත් පේලි ලෙස සැකසී ඇති අතර ඒවා අවශ්‍යය පරිදි කරකැවිය හැකි වේ.පළමු දත් පේලි 2ක ගොදුරු අල්ලා ගැනීමටද අනෙක් දත් පේලි 2ක අවශ්‍යය පරිදි ස්ථාන ගත වේ.මෙම දත් හානි වූ විට,කැඩී ගිය විට හෝ ගෙවී ගිය විට ඒවා නව දත් මගින් විස්ථාපනය කරයි.

ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
මෝරුන් ඇතළු අනෙකුත් මසුන් ආහාරයට ගන්නා මෙම මෝරුන් දැල්ලන් හා බූවල්ලන් ද තම ආහාරයට ගැනීමට ප්‍රියකරයි.

විශාලත්වය Size
Spiny Dogfish මෝරුන් සාමාන්‍යයෙන් අඩි 3-4 (0.9m-1.0m)පමණ විශාල වේ.

පහරදීම Attacks
භයානක මෝරුන් ලෙස නොසලකයි.නමුත් දත් සහ තරමක් විෂ සහිත පෘෂ්ඨීය වරල් කටු මගින් අනතුරු සිදුවිය හැක.

සමාජ ගණය Social Groups
Spiny Dogfish මෝරුන් රංචු වශයෙන් වාසය කරයි.සියයේ සිට දහස් ගණනක් දක්වා වූ රංචු වශයෙන් පිහිනයි.මෙම කණ්ඩායම් වයස සහ ලිංගිකත්වය වශයෙන් ඛෙදිය හැකිය.පැටවුන් ඉතා තරුණ කාලයේ දි වැඩිහිටියන්ගෙන් වෙන්ව  නොගැඹුරු  ජලයේ ජීවත් වේ.එමගින් පරුෂාදනය (තම වර්ගයේම මස් කෑම)

වාසස්ථාන Habitat
මොවුන් උෂ්ණත්වය 45°F-59°F (7°C-15°C) ජලයේ ජීවත්වන අතරද මොවුන්ට කිවුල් දියෙහිද ජීවත් වීමට හැකියාවක් ඇත.සාගර පත්ල ආසන්නව එනම් බඹ 400 ( අඩි 2400 ) පමණ ගැඹුරු මුහුදෙහි ජීවත් වේ.

ව්‍යාප්තිය Distribution
මෙම මෝර වර්ගය සමෝෂ්ණ හා ආක්ටික් ජලයේ ලෝකය පුරාම ජීවත් වේ.උතුරු අත්ලාන්තික් හා උතුරු පැසිපික් සාගර වල බහුලව හමුවන අතර කළු මුහුදේ හා මධ්‍යදරණී මුහුදේ ද දැකිය හැක.

ප්‍රජනනය Reprodduction
Spiny Dogfish මෝරුන් කලළ බන්ධයක් රහිත ජලාබුජතාවය පෙන්වන අතර පැටවුන් 2 -11 පමණ බිහිකරයි. එක් පැටවකු අඟල් 8-12 ප්‍රමාණයක් ගනී.ශීත සෘතුවේදි ගැහැණු හා පිරිමි මතස්‍යයන් එකතු වේ.ගර්භණී කාලය කාලය අන්සියළුම පෘෂ්ඨ වංශීන්ට වඩා වැඩිය.එය මාස 18-24 පමණ දිගු කාලයකි.මෙම කාලය අලියන් ගේ සහ තල්මසුන්ගේ ගර්භණී කාලයට වඩා දිගුය. අවුරුදු 11 දී පමණ පිරිමි සතුන් ලිංගිකව පරිණත වන අතර ගැහැණු සතුන් පරිණත වීමට අවුරුදු 19 - 20 ක් පමණ ගතවේ.


සංක්‍රමණය Migration
උෂ්ණත්වය 45°F-59°F (7°C-15°C) ජලය සොයා සංක්‍රමණය කරයි.

ජනගහන සංගණනය Population count 
සුළභව දැකිය මෝරුන් වර්ගයක් වන අතර ජීවත් වන සුළභතම මෝර මාදිලියද වේ.


SPINY DOGFISH SHARK CLASSIFICATION
Kingdom Animalia (animals)
Phylum Chordata
SubPhylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Order Squaliformes (dogfish sharks)
Family Squalidae
Genus Squalus
Species acanthias         
DOGFISH SHARK ACTIVITIES       

Afirst grade addition activity. Solve the 1-digit addition problems, then do letter substitutions to answer a shark question.