Broadnose Sevengill Shark (පළල් නහය ජලක්ලෝම හතක් සහිත මෝරා)
Notorynchus cepedianus
සාමාන්‍යය තොරතුරු General decription
මොවුන් දුර්ලභ ප්‍රාථමික මෝරුන් වර්ගයක.මුහුණ දෙපස ජලක්ලෝම 7 කි.(සාමාන්‍යය මෝරෙකුට ඇත්තේ 5 කි)මෙම අසාමාන්‍යය මෝර වර්ගයට දේහයේ පිටුපසින් පෘෂ්ඨීය වරලක් ඇත.මෙම ආක්‍රමණශීලී මෝරුන්හට කුඩා ඇස් හා පළල් හිසක් ඇත.මොවුන්ගේ දේහය අදුරු,දීප්තිමත් හා රිදී ගෝමර සහිත වේ.කුඩා සතුන්ගේ පසු පස වරල් වල දාර සුදු පැහැති වේ.
දත් Teeth
උල් දත් 5 කි.ඉහල හනුවේ මැද දත් හැර අනෙක් දත් කියත් තල වැනි වේ.පහළ හනුවේ දත් පනාවක හැඩයක් ගනී.
විශාලත්වය Size
මොවුන් අඩි 10 ක් (10m) පමණ දිගකට වර්ධනය වේ.
ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
මෙම ආක්‍රමණශීලී මොරුන් වෙනත් මොරුන්,මඩුවන් හා අස්ථික මසුන් තම ආහාරය සඳහා යොදා ගන්නා අතර සීල් මසුන්ද ආහාරයට ගැනීමට ප්‍රියකරය.දැල් වලට හසූ වූ මත්ස්‍යයින් හා මිනිසුන් විසින් වගාකරන ලද වගා මත්ස්‍යයින් ද ආහාරයට ගනී.
පහරදීම Attaks
මොවුන් දරුණූ ලෙස පහර දිය හැකිය.නමුත් මොවුන් දුර්ලභය.කිමිදුම් කරුවන්ට පහරදුන් බවට සාක්ෂි නැත.
වාසස්ථාන Habitat
සමෝෂණ ජලයේ අඩි 450 (135m) පමණ ගැඹුරේ ජීවත් වේ.
ව්‍යාප්තිය Distribution
දකුණු අත්ලාන්තික්ල දකුණු පැසිපික් සහ ඉන්දියන් සාගරයේ ජීවත් වේ.භුගෝලීය වශයෙන් විශාල ව්‍යාප්තියක් පෙන්නුවද ජීවත්වන සංඛ්‍යාව කුඩා වේ.
ප්‍රජනනය Reproduction
අඩි 7 (2.2M)ක් පමණ දිග යත්ම ලිංගිකව පරිණත වේ.පිරිමි සතුන් අඩි 5 (1.5m)දිගකින් යුතුවේ.මොවුන් නොගැඹුරු බොකු වල පැටවුන් බිහිකරය.ගැහැණු සතෙකු පැටවුන් 80 ක් පමණ දමන අතර එක් පැටවකු අඟල් 16-18 (40m-45m) පමණ දිගකින් යුක්ත වේ.