SHORT-FINNED MAKO SHARK
Isurus oxyrinchus
සාමාන්‍යය තොරතුරු General decription
Mako මෝරුන් කුම්බලා මෝරුන් වන අතර වේගවත් පිහිනුම් කරුවන් වේ.ජලයෙන් ඉහළට පැනීමටද හැකියාවක් තිබේ.makoයනු මැඔරිවරුන් (නවසීලන්තය නිජබිම කරගත් පොලිනිසියානුවෝ) ගේ වචනයකි.
මොවුන්ට ත්‍රිකෝණාකාර හොම්බක් ඇති අතර දිගටි ජලක්ලෝම පැලුම් ඇත.සාමුද්‍ර කලාපයේ ජීවත්වන මොවුන් ඉඳහිට වෙරළාසන්නයට පැමිණෙ.මතුපිට අදුරු අළුවන් නිල් පැහැයක් ගන්නා අතර උදරය සුදු පැහැයක් ගනී.මොවුන් බොනිටෝ සහ නීල සුචකයන් ලෙස ද හදුන්වයි.
දත් Teeth
දිගු,තුනී මුවහත් ඒවා වන අතර එමගින් ලිස්සන සුලු ගොදුරු අල්ලා ගනී.දත් පේළි වශයෙන් පවතී.ඒවා අවශ්‍යය පරිදි කරකැවී පැමිණිය හැකිය.පළමු දත් පේලි දෙක ගොදුරු අල්ලාගැනීමට යොදා ගනී.දත් හැලී ගිය විට කැඩී ගිය විට හෝ ගෙවී ගිය විට නව දත් කරකැවී පැමිණේ.
විශාලත්වය Size
අඩි 5-8 (1.5-2.5m)දක්වා දිගු වේ.නමුත් අඩි 12 (3.7m)පමණද විය හැක.450kg(රාත්තල් 1000)ක් පමණ වේ.
වාසස්ථාන හා ව්‍යාප්තිය Habitat and Disribution
ලෝකය පුරා සමශිතෝෂ්ණ හා නිවර්ථන මුහුදුවල හමුවේ.සමුද්‍ර සාගරික පිහිනුම් කරුවන් වේ.නමුත් ඉඳහිට වෙරළාසන්නයේ හමුවන අතර ඇතැම් විශේෂ උණුසුම් නිවර්ථන මුහුදුවලදී ද හමුවේ.මොවුන් 18.5°Cක (65°F)තරම් වූ සීතල ජලයට ප්‍රියකරයි.ටහිටි (Thahiti)දූපත් වල අඩි 650-1300 (200-400m)ගැඹුරු මුහුදේ හමුවේ.
පහරදීම Attaks
මොවුන් භයානක මෝර කාණ්ඩයක් ලෙස සැලකේ.මිනිසුන්ට පහරදුන් බවට වාර්ථාවී ඇත.
ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
කෙළවල්ලන්, හුරුල්ලන්, කුම්බලාවන්, තලපතුන් හාමූදු ඌරන් ආහාරයට ගනී.මොවුන් අවස්ථාවාදී භෝජකයන් වේ.සෑම දෙයක් පාසාම ආහාරයට ගනී.
වේගය Speed
වේගවත් පිහිනුම් කරුවන් ලෙස හැඳින්විය හැක.ජලයෙන් මතුපිටට පැනිය හැකි අතර මොවුන් වේගවත්ම පිහිනුම් කරුවන් අතර සිටී.විශේෂයන් තුල වේගය 97kmhֿ¹ (60 පැයට හැතැක්ම)ලෙසද ඇතමුන් 22 kmhֿ¹ (22 mphֿ¹)ක වේගයක් ගනී.මොවුන්ගේ නියත වේගය සෙවීමට ප්‍රමාණවත් පරීක්ෂණ සදු කර නොමැත.
ප්‍රජනනය Reproduction
මොවුන් කලල බන්ධයක් රහිත ජලාබුජතාවය පෙන්වන මෝර වර්ගයකි.පැටවුන් ගර්භාශය තුලදී එකිනෙකා ආහාරයට ගන.පැටවුන් 10-12 අතර ප්‍රමාණයක් දමය.මොවුන් උපතේදි අඩි 2(0.6m)පමණ දිගු වේ.
සංක්‍රමණය Migration
2500km(1550 හැතැප්ම)පමණ දුරක් පිහිනා සුදුසු ප්‍රදේශ කරා සංක්‍රමණය වේ.
Kingdom Animalia (animals)
Phylum Chordata
SubPhylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Family Lamnidae
Genus Isurus
Species
oxyrinchus - the shortfin mako (also known as the bonito and the blue pointer)
paucus - the longfin mako