Bluntnose Sixgill Shark (මොට හොම්බක් ඇති ජලක්ලෝම හයේ මෝරා)
Cowsharks
Hexanchus griseus
සාමාන්‍යය තොරතුරු General decription
මොවුන් ආදිකල්පිත ල සුළභ ල සුවිශේෂි මෝරුන් වර්ගයකි.දේහයේ ජලක්ලෝම පැලූම් 6ක් ඇත.(බොහෝ මෝරුන්ගේ මුහුණ දෙපස ජලක්ලෝම පැලූම් 5ක් ඇත)මොවුන්ට cow shark, මඩ මොරුන් හා බූල් ඩෝග් මොරුන් ලෙස ද හැඳින්වේ.පෘෂ්ඨීය වරල දේහය කෙළවර ඇති කුඩා එකකි.මොට හොම්බක් සහ කටට ඉහලින් පිහිටි කුඩා ඇස් දෙකක් ද මෙම Bluntnose Sixgill Shark සතුව පවතී.මොවුන්ගේ දේහය අළුවන් දුඹුරු පැහැයක් ගන්නා අතර උදරීය කොටස සුදුවන් පැහැයක් ගනී.මෙම මෝර වර්ගයට ව්ෂ සහිත අක්මාවක් ඇත, නමුත් මොවුන්ව ආහාරයට ගත හැකි මත්ස්‍යයෙකි.එබැව්න් ආහාරයට සහ තෙල් සඳහා මෙම මෝරුන්ව දඩයම් කරයි.
දත් Teeth
යට හනුවේ කියතක් වැනි දත් ඇති අතර උඩි හනුවේ නැමුනු තනි තුඩක් සහිත දත් ඇත.
විශාලත්වය Size
මොවුන් අඩි 16 ක් (4.8m) පමණ දිගකින් යුක්තය.අඩි 5 සිට අඩි 16.5 දක්වා දිගකින් යුතු මෝරුන් ද හමුවේ.
ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
රාත්‍රියේ දඩයම් කරන මෙම Bluntnose Sixgill මෝරුන් විශාල මාළුන් තම ආහාරය සඳහා යොදා ගනි.(මෝරුන්, මඩුවන්)
ව්‍යාප්තිය Disrtibution
නිවර්ථන මුහුදුවල සිට සමශීතෝෂ්ණ මුහුදුවල හමු වේ.
ප්‍රජනනය Reproduction
ගැහැණු සතුන් දල වශයෙන් අඩි 14 ක් (4.5m) පමණ වන විට ලිංගිකව පරිණත වේ.කලල බන්ධයක් රහිත ජලාබුජ ජීවීන් වේ.බිත්තර පුපුරා පැටවුන් දේහය තුල වර්ධනය වේ ල කලල බන්ධනය හරහා පෝෂණය නොකරයි.මොවුන් පැටවුන් 100 ක් පමණ දමන අතර උපතේදී එක් පැටවෙක් අඟල් 28 ක් (70m) පමණ දිගකින් යුක්ත වේ.
BLUNTNOSE SIXGILL SHARK CLASSIFICATION
Kingdom Animalia (animals)
![]() |
දත් |
SubPhylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Order Hexanchiformes
Family Hexanchidae
Genus Hexanchus
Species griseus