MANTA RAY
Manta birostris
සාමාන්‍යය තොරතුරු General decription
Manta මඩුවන් විශාලතම මඩුවන් වර්ගය වේ.මොවුන් මෝරුන්ට කිට්ටු නෑකමක් ඇත.හිංසාකාරි නොවන මෙම මඩුවන් කෙටි වලිගයක් ඇති අතර එහි විෂ කටු නොමැත.මොවුන් හොඳ කරණම් කාරයන් වේ.වතුර මතුපිටටද පැනිය හැක.රිමෝරුන් බොහෝ විට මොවුන්ගේ මුඛය අසල ඇලී සිිටී.සමහර විට ජලක්ලෝම කුහර තුළද සිටිය හැක.මෙම රිමෝරුන් මැන්ටාවන්ගේ දේහයේ සිටින පරපෝෂිතයින් හා මුඛයෙන් ගැලවී යන ආහාර කැබලි ආහාරයට ගනී.
දත් Teeth
මොවුන් හට දත් නොමැත.මොවුන් ආහාර පෙරා ආහාරයට ගනී.
විශාලත්වය Size
මෙම සුන්දර පිහිනුම් කරුවන් අඩි 29.5 (9m)දිගකින් යුක්තවන අතර සාමාන්‍යයයෙන් අඩි 22(6.7m) පමණ වේ.විශාලතම වාර්ථාවූ ස්කන්ධය 1350kg ( 3000 රාත්තල්)වේ.
වර්ණය Coloration
අදුරු දුඹුරු පැහැයේ සිට කලු පැහැයක් මතුපිටින් දක්නට ඇත.දාරයන් සදු මැලි පැහැයක් ගන්නා අතර යටි බඩ පෙදෙස සුදු පැහැයක් ගනී.
සමාජ ගණය Social Groups
හුදකලා ජීවීන් වේ.
වාසස්ථාන Habitat
නිවර්ථන කලාපයට අයත් වෙරළාසන්නයේ විවෘත මුහුදු වල ජීවත් වේ.
ව්‍යාප්තිය Disribution
ලෝකය පුරා මුහුදුවල හමුවේ.
පහරදීම Attacks
මොවුන් අනතුරුදායක නොවන අතර සාමාන්‍යයෙන් මධ්‍යස්ථ කිමිදුම් කරුවන් වේ.
ආහාර සොයා ගන්නා ආකාරය Diet and feeding habits
අන්වීක්ෂීය ප්ලාන්ටන්ල කුඩා මසුන්,කුඩා ක්‍රෂ්ටේෂියාවන් ආහාරයට ගනී.කෙමිය හරහා ආහාර මුඛයට ලබා ගනී.පත්තක් වැනි ශීර්ෂ ඛණ්ඩිකා දෙකක් ඇස් වල සිට ඉදිරියට පැමිණ ඇත.
පිහිනීම Swimming
දක්ෂ පිහිනුම් කරුවන් වන අතර ළය වරල් ඉහළ පහළ යවමින් පිහිනුමේ යෙදේ.
ප්‍රජනනය Reproduction
මැන්ටා මඩුවන් කලල බන්ධයක් රහිත ජලාබුජතාවය පෙන්වයි.පරිණත ගැහැණු සතෙකු අඟල් 45 (1.2m)පමණ දිගකින් යුත් පැටවෙක් හෝ දෙදෙනෙක් දමයි.පැටවෙකු 45kg (රාත්තල් 20)පමණ බරකින් යුක්ත වන අතර තරුණ අවදියෙන් පසුව වේගවත් වර්ධනයක් පෙන්වයි.
ආයුකාලය Life Span
තවම සොයාගෙන නැත.
MANTA RAY CLASSIFICATION
Kingdom Animalia (animals)
SubPhylum Vertebrata (vertebrates)
Class Chondrichthyes (cartilaginous fish)
Subclass Elasmobranchii (sharks and rays)
Superorder Batoidea
Order Myliobatiformes
Family Myliobatidae (Eagle Rays),
Genus Manta
Species birostris